පාපැදියෙන් ගමන් කරණ විට ප්‍රංශයේ සයින්ෂර් හි දි අද සිදුවූ අනතුරකින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ දකුණු කකුලේ කලවා අස්ථිය කැඩී රෝහල් ගත කර ඇතැයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ජෝන් කර්බි පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ තුවාලය සිදුවූ ස්ථානයේ කලින් ද තුවාලයක් සිදුව සැත්කමක් ද කැර තිබිණි. එම සැත්කම කළ වෛද්‍යවරයා සමගින් බොස්ටන් හි මැසචුසෙට්ස් මහ රෝහල වෙත ඔහු රැගෙන ගිය බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.
රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක කර්බි පවසන්නේ තමන්ට සැලසුම් කල පරිදි ස්පාඥඤයේ සංචාරය කිරීමට නොහැකිවීම සහ අයිඑස්අයිඑස් ත්‍රස්තක්‍රියා මැඩලීම සම්බන්ධයෙන් අඟහරුවාදා රාජ්‍ය තාන්ත්‍රික රැස්වීමට සහභාගී වීමට නොහැකි වීම සම්බන්ධයෙන් ජෝන් කෙරි රාජ්‍ය ලේකම්වරයා තම ණනගාටුව ප්‍රකාශ කර ඇති බවයි.
කර්බි පවසන්නේ රාජ්‍ය ලේකම්වරයාගේ තත්වය යහපත් බවත් ජීවිත අවදානමක් නොමැති බවත්ය.
දකුණු බාහුවේ වු තුවාලයේ ස්වභාවය අනුව එය සුවවීම සඳහා මාස හයක් හෝ ඊට වැඩියෙන් ගතවිය හැකි බව විකලාංග වෛද්‍යවරු පවසා තිබිණි. කර්බි මීට කලින් පැවසුවේ රාජ්‍ය ලේකම්වරයා පරික්ෂා කිරීම සඳහා හෙලිකොප්ටරයක් මගින් අසල ඇති ස්විට්සර්ලන්තයේ ජිනීවා වෙත රැගෙන ගිය බවයි.
අනුපූරක වෛද්‍යවරුන් සහ කායික වෛද්‍යවරයා සමගින් රාජ්‍ය ලේකම්වරයාගේ ආරක්ෂක භට සේනාව අනතුර වන අවස්ථාවේ ඒ අසල සිටි බවද කර්බි කියයි. ඇද වැටීම සිදුවු ස්ථානයේදී ම කෙරීට මුලික ප්‍රතිකාර ලබාදි තිබේ.
ඉරාණයේ න්‍යස්ඨික වැඩසටහන සඳහා එම රටේ තානාපතිවරු සමග සාකච්චා කිරීමට කෙරිට ජීනිවා දක්වා ගමන් කිරීමට සිදුව තිබිණි. මේ සඳහා ඔහු මේ සඳහා සැතපුම් තිහක් නගරයේ සිට පාපැදියෙන් ගමන් කර තිබේ. මෙම ස්ථානය පිහිටියේ ප්‍රංශයට නුදුරුවය.
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය රාජකීයයන් වන වේල්සයේ විලියම් කුමරු සහ කේට් කුමරිය හමුවීමට නියමිත බව ධවල මන්දිරය පවසයි.
ඇෆ්ගනිස්තානයේ සමංගාන් නමැති ප්‍රාන්තයේ ආගමික පාසලක (මද්‍රාසා) බෝම්බයත් පුපුරා යෑමෙන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
ඉන්දියවේ ගුජරාට ප්‍රාන්ත සභා මැතිවරණයේ පළමු අදිරය අද (1) ආරම්භ වෙයි. ගුජරාඨ ප්‍රාන්ත සභාව ආසන 182 කින් සමන්විත වන අතර අද (1) පළමු අදියර පැවැත්වූයේ ආසන 89 ක් වෙන
තම නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මියගිය බව අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානය පවසයි.
ඇමෙරිකාවේ සම්බාධක මඟහැර, මෝටර් රථ, ගුවන් යානා සහ දුම්රිය නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් ලබා ගැනීම කෙරෙහි රුසියානු රජයේ අවධානය යොම
මහා බ්‍රිතාන්‍යයත් චීනයත් අතර පැවැති ස්වර්ණමය යුගය අවසන් බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් පවසයි.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ඇමෙරිකා රාජ්‍ය ලේකම් අනතුරක
ටිෂාන් Sunday, 31 May 2015 07:41 PM
රජෙක් වුණත් ලෙඩෙක් වුණොත්.... (නි)
සත්‍යයා Monday, 01 June 2015 04:08 AM
ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියා පතනවා.(ම)
පර්සි Monday, 01 June 2015 06:03 AM
මේවා දෙවියෝ දුන්නු දඬුවම්. (ස)
දුමින්ද Monday, 01 June 2015 07:59 AM
ඇමරිකානු බෝම්බ වලින් කී දෙනෙක් ගේ අත පය කඩේනවද? (ම)
රනා Monday, 01 June 2015 09:35 AM
ලොවට කරපු පවක තරමක පිං පල දෙන හැටි (ම)
ශීලා Monday, 01 June 2015 09:56 AM
ඇමරිකාවට ජය වේවා (බ)
නදීකා Monday, 01 June 2015 01:41 PM
අපේ දේශපාලඥයෝ පාපැදිවලින් යන්නේ නැත්තේ මේ නිසා වෙන්න අැති (නි)
බලා Monday, 01 June 2015 05:01 PM
රජෙක් උනත් කළකම් පලදෙනව (කේ)
නඩරාජා Tuesday, 02 June 2015 01:04 AM
ලංකාවට ඇවිල්ලා විෂබීජ වපුරා ගියාට ස්වහාව ධර්මයා දඬුවම් දී ඇතිබවයි පෙනෙන්නේ (නි)